Wednesday, March 20, 2013

ඈතක මුමුණන

ඈතක මුමුණන ගීයක පදවැල්
මතක වතක් ඇති සිහින සතක්
ඇවිදින් රැදෙමින් මා පසුපස්සෙන්
කළඹයි  සිත මා රෑ තනි යහනේ

සංසාරෙක මා අසනා සොයනා
කින්නර ගීතය හංස විලාසෙන්
උදුම්බරා මල් පුබුදන ස්වරයෙන්
රෑ මට ඇසුණා මාළග මැකුණා

මන්දාරම හා අදුරු වළාවක්
අහසින් පාවී ආ වැහි බිදුවක්
මගේම තනිකම දැනෙනා ගීයට
අල්ලයි අත්වැල රෑ තනි යහනේ

-ලසන්ත ද සිල්වා-



හැන්දෑව ඉකිගසා

හැන්දෑව ඉකිගසා හැඩුවා
දේදුන්න මැකී යා නම් 
පායන්නේ ඇයිද සද අහසේ
ඇසුවා රහසින් ඇසුවා

‍යෞවනේ මටද හිමිවූ 
අහිමි වූ ආදරේ 
සදානන්දිත තඹර පෙතිමත
කදුලු බිංදුව මගේ උරුමය

පෙම්පතින් ඔබෙන් ලියවුණු
වදන් වූ ආදරේ
අකුරු මුතුකැට වියැකි අරුමය
සිහින විතරක් තනිවෙලා





Sunday, February 10, 2013

වනස්පති


පුදා ළපල්ලෙන්
මලින් පලින් 
මහී ඉතිරිය,
වනස්පතීහු නිසලව
සිටියාහුය එවිටත්,
‍සදා සෙවණද නොයෙක අසිරිය
ඇයත් මනු දරුවනුත් රැකවල.





මෙදා මනු පුත් 
සදා වෙස්, ගොරබිරම් රකුසන්
හෙලා කුසමත මහී ඉතිරිය
නෑ සියන් සිය වරිගයේ
සදාලන කල දුකද බිය සැක
අද ද නිසලය වනස්පති සැම.
  

මහලු විය

ඔබ , සංසාරිකය
පසුපසින් බර අඩි තබා එන
විටෙක මා නැවතී හැරී බැලුවෙමි.
ඔබත් නොනැවත ඇවිත් මා මග
අත නොහැර මා වැළ|


Saturday, February 9, 2013

කවිකාර මිතුරාට

 

ඔබ ගැබ්බර කළ
Ëq පාට හිස් කොළh 
md jqKd wyigu 
ජනේලයෙන් ඇවිදන් ආ
සුළx කෝඩයක් එක්ක

ආං බලාපන් ආකාසේ
නුඹේ කවිය මහ ඉහලින්
අමතකවී බරු තියන්න 
කවියක් ගිය මහ ඉහලක්

ජනේලය ළÕට ඇවිදින්
ලියාපන් තව තවත්
පාව යන්න හිස් අහසේ ඉබාගාතේ
කොහේට හරි වැටෙනවා කවි
ඉඩෝරයට වැස්ස වගේ

ඔද්දල් වූ ජීවිත වල
බැ÷නු කිළිටි දූවිලි මළ
සේදෙන්නට ඒ වැස්සෙන්
ලියාපන් තව තවත්


Friday, February 8, 2013

ඒ මමය

ඇසතු රුක මුල
ගොයුම් බුදුන්,
පමුදිතව සම්බෝධියෙන්

මා සිහිනයක් දුටුවෙමි
වාසෙට්ඨිය,
ඉක්බිතිව එහි එක්තරා කුණපයක් විය.
මාද තවත් නිරි සතුන් බොහෝදෙනාද
ගොජුරු ලොබින් ගසා කන්නට වී
පරමෝත්කර්ෂ නිර්වාණය ඉන් සොයා
මමංකාරයේ සජ්ජායනාව,
මමය මෙය මාගේය
මගේ අසවල් දෙයය අපේය
ගසා කමින් කුණපය

අපේ බුදු හිමියනී නොවේය අන් සරණක්
නත්ථිමේ සරණං අඤ්ඤං 
මම නිවනටය
වාසෙට්ඨිය පිබිදුනෙම් 
කවර නම් අසුබ සිහිනයක්ද 
බියව, සියොළග තෙත්ව දහදියෙන්
ඇසතු රුක මුල
ගොයුම් බුදුන්  ‍
පෙන්වීය මටම 
කුණපය බුදින බොහෝ දනටද
ඒ මමය මාගේ කුණපයමය

ඔබ සොදුරිය, මා වනපස මල

ඔබ සොදුරිය, මා වනපස මල
පෙම නම් අචින්ත්‍යය.
එහෙත් රාගයද එහි වෙත්
මා නිරාගික වම් කෙසේ
ඔබ නුරාවේ උල්පතයි.

ඔබ ළැම හස් මැද හද ගැහෙන රාවය මැද
නුරාවද දයාවද ඉපිලෙමින් ගලායයි.
මා විටෙක උනුසුම්ව සිහිල්වද යළි විටෙක
ජීවිතය ලබම් ඒ ඔබෙන් වෙද

ඔබ අසළින් මා වැතිරෙම්
චංචලව ගිය හදැති 
තවත් එක් මානවකයෙක් 
ඇහැරවම්ද නොකරම්ද 
දයාවයි නුරාවයි අනේ මට පාලුයි 
දැන් බොහෝ රෑ වී 
මට එන්න වෙන්නේ මේ වෙලාවෙයි.
එහෙත් ඔබත් වෙහෙස වී 
නිදි කුමරි තුරුලේ 
එපා ඇහැරෙන්න දැන් නිදියන්න
මට දුකයි ඒකයි.
හෙටවත් බලමු 


Saturday, February 2, 2013

පෙබරවාරි හතරෙන් පස්සේ තාත්තා

නිදහස් දවසට දෙදොහකට පස්සේ
තුන් අවුරුද්දකට ඉස්සර මහ රෑ
සුරතින් පපුව පිරිමැද තාත්තා 
කැක්කුමයි අදනම් හරියට කියා
ඇස්පියා ගත්තා මගේ ඇස්මානේ

පෙරඹරින් නව හිරු නැගෙන විටදී
නිදහස්ව ගොස් තිබුණා තාත්තා
දෙපා ඔහුගේ දිගුකර සාලයේ පෙරඹර දිගට
නිදහස් දවසට දෙදොහකට පස්සේ

දැනුත් නිදහස් දවස ලංවෙනවිට සිනාසී
දග කරන විට සිංහයා අහසේ 
රිදුම් දෙනවා මගේ පපුවත් තාත්තා සිහිවී
නිදහස්ව ගියහැටි මාව සිරකොට මතකයේ
නිදහස් දවසට දෙදොහකට පස්සේ 



Tuesday, January 29, 2013

හරාම් නොකළැකි හෘද සාක්ෂිය


නෝබි අරින වෙලාවට
මොහිදීන්ගාඩ්න් පල්ලියේ
බිතක්කන උඩට නැග
මාත් එන්නද ඇහුවම
අත වනා කැදවා ඇත=ලටම
එලා පැදුරක් මටද 
කe| පිරූ ජෝග=වක් සරුවත්ද
තව ජාති උණු උණු සමෝසා රටඉ|s
තැබුවාම ඉදිරියෙන්a
කියන්නේ කොහොමද කටක් ඇරලා 
මට එපා හලාල්'             

අපේ කන්තෝරුවේ ‍පොඩි මල්ලි රමීෂ්
එකට වැඩ කරන රිස්වානලා
ලියන මේසය උඩම
බත්ගෙඩිය දිගහැර
කමුද බත් දෙකටක්a
කියා ඇසුවාම හිනැහිලා
කියන්නේ කොහොමද කටක් ඇරලා
මට එපා හලාල්'

තාත්තා මියෙන්නට බො‍හේ  ඉස්සර
කට සැර ජාති අරගෙන
ත=වාන් මාමා ආවම
දෙවුන්දර කපිල මාමත් එක්කල
ඇරෙනකොට බෝතල්
මටත් කට සැර ජාති දුන්නේ
නැතිවාද හලාල්' 

කාලෙකින් දැක නැති
ජීවත=න් අතර නැතිවෙන්න ඉඩ ඇති
ත=වාන් මාමලා නැන්දා
අපි එහේ ගිය විටෙක
උයා දුන්නේ මනි පිට්ටු 
නොමැතිවද හලාල්' 

සුනාමියට ටික දොහකට පස්සේ
යාලුවා පොත=විල අමානුල්ලා
මුණගැසී හැඩුවේ"
මගේ උර මත බරවී
අනේ මැරුණා මචං අම්මයි අක්කයි දෙන්නම
බෙහෙත් ගේන්න යද්දී කල්මුණේ
නොතිබුනෙද හලාල් ඒ උණු කදුලේ මගේ උරහිස'

බීර බොන හැන්දෑවේ
පොඩි බඩගින්නකට වාගේ
අපේ ටවුමේ මයිමූන් නානගෙන්
අරන් කෑවම හලාල් මුරුක්ක=ද උණුවඩේ
වද වෙයිද මගේ සිංහල පිරිමිකම
අනේ නැත්නම් මෙහෙම ලිව්වම
විරෝධීන් හලාල්
එකම පෙරමුණකට විත්a
කියාවිද මාව පෙන්නා
ඕකා කරව් හරාම්'

                 

,ika; o is,ajd
W!j m%cd .=jkaúÿ,sh'

Monday, January 28, 2013



කන්තෝරු කාරයාගේ කව

මගේ හිත ගැන මං තරම්
දන්න වෙන කවුරුවත්
ඔබ මිසෙක ඉන්නවද
ඉතින් එහෙනම් ඇයි
නෝක්කඩු මේ තරම්

කෝපි මල් පිපෙන පින්නේ
සීතලට තුරුලුවී ඇහැරෙන්න
ඉදුවර දෑස අද්දර ඔහේ
ගොලුවෙලා නිහඩව ඉන්න
තුන්යම රෑ සිහිනයේ
කසුන් කුමරා වෙන්න
මං ආස නැතුවාද

එහෙත්, කෑ නොකෑවෙන්
බත් කටක් දෙකටක්
පරණ මල්ලට දාගත්තු
ලිපි කවර පෑන් පැන්සල් එක්ක
පිට ‍‍නොවී කොහොමද
ඔට්ටු අල්ලන්න
රෑ දෙගොඩහරිය තෙක්
බලන් සොදුරිය අසන් නිහඩව
ජීවිතය අපෙ නොවෙයි.


Thursday, January 24, 2013

ඔබටමයි

පළමුව විදුලියක් සේ ඇස ගැටෙනු මැන 
දෙවනුව අහස් ගිගුරුම වී ඇසෙනු මැන
තෙවනුව නැවුම් සුවදින් හද පුරවමින
ඔබ මට පොකුරු වැස්සක් වී වසිනු මැන. 

- මහගම සේකර -


සිතුවිලි















සිතුවිලි සිරකොට ගෙන අපි නැසෙමුද
සිරගෙය බිදගෙන එන සිතුවිලි රළ
පෙරලා බිදදා ගතානුගතිකය
නව ලොව ඉදිවෙන අසිරිය බලමුද